රහස් ඔත්තුක‍රුවෙකුගේ ස්මාට් ෆෝනය- Boeing Black

                                                  සැ:යු:-www.ada.lk මඟින් උපුටා ගත්තකි.

 
                       ඔබත් රට වෙනුවෙන් රහසේ ක්‍රියාත්මක වන ඔත්තුක‍රුවෙකු, නැතිනම් විශේෂ ආරක්ෂක ඒජන්සියකට අනුයුක්ත නියෝජිතයෙකු යැයි සිතමු. සාමාන්‍යයෙන් ජේම්ස් බොන්ඩ් වර්ගයේ චිත්‍රපටයකදී නම් ඔබට සන්නිවේදනය සඳහා අතිනවීන මෙවලම් භාවිත කිරීමට ලැබුණත්, සැබෑ ජීවිතයේදී එය එලෙසින්ම සිදුනොවේ. කෙසේ වුවත් ඉහත සඳහන් කළ ආකාරයේ වෘත්තියක පසුවන ඔබට සාමාන්‍ය ආකාරයේ ස්මාට්ෆෝනයකින් ඔබගේ වෘත්තියට අදාළ සංවේදී තොරතු‍රු, දත්ත හුවමා‍රු කරගැනීමට, සන්නිවේදන කටයුතුවල යෙදීමට නොහැකි බවද අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම හඳුන්වාදෙන Boeing Black ස්මාට්ෆෝනය පැමිණෙන්නේ එම ගැටලුවට විසඳුමක් ලෙසටයි.


දළ ආකෘතියේ සිටම සංවේදී දත්ත ආරක්ෂා කිරීම සහ ආරක්ෂිත සන්නිවේදන හැකියාවන් තහවු‍රු කිරීම මූලික අවශ්‍යතාව ලෙස සලකමින් නිර්මාණය වී ඇති මෙම Boeing Black ස්මාට්ෆෝනය සෑමවිටම ඒ හරහා පසුවන දත්ත කේතනය කරන අතර, එහි දත්ත ගබඩාවන්ද විශේෂයෙන්ම කිසිවෙකුට පිවිසිය නොහැකි ලෙසින් සංකීර්ණ ඇල්ගොරිදමයන් භාවිත කරමින් ආරක්ෂා කිරීමට මූලිකත්වය ලබාදෙයි. එසේම දෘඩාංග මත පදනම් ක්‍රිප්ටෝ එන්ජින් පද්ධතියේම ස්ථාපිත ආරක්ෂණ උපක්‍රම, ආරක්ෂිත පණගැන්වීම් මෙහි පිහි‍ටුවා ඇති අතර, අතිවිශේෂිත ලෙසින් ආරක්ෂක උපක්‍රම දියුණු කළ ඇන්ඩ්‍රොයිඩ් විශේෂ සංස්කරණයක් මෙහි මෙහෙයුම් පද්ධතිය ලෙසින් ක්‍රියාත්මක වේ.

මෙහි අඟල් 4.3 ක තිරයක් ඇති අතර, dual-core 1.2GHz ප්‍රොසෙසරයකින් බලගැන්වේ. එසේම LTE ඇතුළු වෙනත් ඕනෑම දියුණු ස්මාට්ෆෝනයක ඇති සම්මත දත්ත හුවමා‍රු තාක්ෂණයන්ද මෙහි තිබේ. ජේම්ස් බොන්ඩ් වර්ගයේ ස්මාට්ෆෝනයක් ලෙසින් සලකන විට මෙහි දෘඩාංග ශක්‍යතා මඳ බවක් ඔබට සිතෙන්නට හැකි වුවත්, සැබැවින්ම මෙම ස්මාට්ෆෝනය භාවිතයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ඉහළ ග්‍රැ‍ෆික් නිර්මාණ ඇති ක්‍රීඩා භාවිතය නොව ආරක්ෂිත සන්නිවේදනය හා සබැඳි යෙදුම් බව මෙහිදී සිහිපත් කළ යුතුය.

මෙහි ද්විත්ව සිම්පත් යෙදීමේ හැකියාවක් තිබේ. එසේම මෙහි බයෝමෙට්‍රික් සංවේදකයක් නැතිනම් චන්ද්‍රිකා සම්බන්ධක ඇන්ටෙනාවක් හෝ වෙනත් අවශ්‍ය උපාංගයක් සවිකළ හැකි දෘඩාංග විස්තීරණ පෝට් එකක්ද තිබේ. එසේම කලින් දෙන ලද නිර්ණායකයන්ට අනුව මෙම ස්මාට්ෆෝනය අනවශ්‍ය හස්තයකට පත්වන්නේ නම් ස්වයං-විනාශකාරී වැඩපිළිවෙළක් අනුගමනය කර විනාශයට පත්වීමටද ඊට හැකියාව තිබේ.

කෙසේ වුවත් අවසාන වශයෙන් කිවයුත්තේ මෙම Boeing Black ස්මාට්ෆෝනය මිලදීගැනීමට හැකියාව ඇත්තේ රජයේ අනුමැතිය ලත් ආරක්ෂක බුද්ධි අංශවල හෝ විශේෂ ආරක්ෂක ඒජන්සියක සේවයේ නියුතු අයෙකුට පමණක් බවයි.

Status Via - SmartApps

                          FB එකේ via කෑල්ලක් status එක්ක දාන්න මෙන්න කියාපු ඇප් එක.මේකෙන් අපිට status එකක් දානකොට "via iPhone 5S" වගේ එකකුත් එක්ක දාලා යාලුවො ටික පුදුම කරන්න පුලුවන්.
Status Via - SmartApps - screenshot


android 2.2+

Don't Tap The White Tile (v2.3.8)

                අපි අද ගෙනාවේ සුපිරිම සුපිරි ගේම් එකක්.හැබැයි සුපිරියි කිව්ව ගමන්ම 3D ග්‍රැ‍ෆික් තියෙන ඇක්ෂන් ගේම් එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා.ඒ කොහොම උනත් මේ ගේම් එක ඉතාමත් ජනප්‍රිය එකක්.ටිකක් අමාරුයි.
          කරන්න තියෙන්නේ ඉතාමත් සුලු දෙයක්.ඒ මොකක්ද කියලා නම් කියන්නෙ නෑ.ඒත් මේක ප්ලේ කරන කොට අතේ ඇඟිලි පරිස්සම් කරගන්න.





                                                                        android 2.3+






Don't Tap The White Tile - screenshotDon't Tap The White Tile - screenshot

ඇන්ඩ්‍රොයිඩ් හි සැඟවුණු වැඩකෑල්ලක්

                  අපි අද කියන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ සැඟවුණ දෙයක් ගැනයි.ඔයාලා කවදා හරි දැකලා තියෙනවද ෆෝන් එකේ තියෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ වර්ෂන් එක මත පදනම් උන රූපයක් වගේ දෙයක්.


        එහෙම දෙයක් දැකලා නැත්නම් මේ විදියට ඒක බලාගන්න.

1.Settings වෙත යන්න.
2.එහි About phone වෙත යන්න.
                                                      3.දැන් එතන Android version කියලා කො‍ටුවක් තියේවි.


4.අන්න ඒ කො‍ටුව උඩ එකදිගට නොනවත්වා ක්ලික් කරන්න.(එක් එක් දුරකථන අනුව ක්ලික් කරන කාලසීමාව වෙනස් වෙන්න පුලුවන්)
5.ඒ විදියට ක්ලික් කරාම තමන්ගේ ඕඑස් එකේ වර්ගයේ ලාංඡනයක්/රූපයක් ඔයාලට බලා ගන්න පුලුවන් වේවි.


Android 2.3.6
                                                           සිංහලඩ්‍රොයිඩර්ස් අපේ වැඩක්........

DU Battery Saver PRO & Widgets [UPDATED-v3.8.5] - FREE DOWNLOAD

                 ස්මාට්ෆෝන් එකක බැටරියේ ආයු කාලය ‍රැක ගන්නව කියන එක පුදුමාකාර අමාරු රාජකාරියක් කියලා මේක කියවන ඔයාලා දන්නවා ඇති නේ.ඉතින් අන්න ඒ  භයානක රාජකාරිය කරන්න ඔයාලට සහය වෙන්න කෙනෙක් තමයි අපි මේ ගෙනාවේ.
        මේ DU බැටරි සේවර් එකෙන් ඔයාලගේ ස්මාට්ෆෝනයේ බැටරි බලය 20%කින් ඉතිරි කරලා දෙනවා.ඒ වගේම තවත් විශේෂාංග ගණනාවක් තියෙනවා.




                                                               
                                                                       android 2.1+


DU Battery Saver PRO & Widgets - screenshot thumbnailDU Battery Saver PRO & Widgets - screenshot thumbnail
All Rights Reserved. Powered by Blogger.