Showing posts with label android_develop. Show all posts
Showing posts with label android_develop. Show all posts

Lollipop 5.0 ගැන විපරමක්.....[VIDEO]


අපි ඔන්න ලොලිපොප් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක ගැන උනන්දු වෙන අයට AndroidPIT ලා කළ ඉදිරිපත් කිරීමක් ගෙනාවා.


VIDEO FROM #androidpit


Lollipop 5.0 වලට අපිත් මාරු වෙමුද?

     මේ ළඟදි ඉතින් අලුත්ම ඇන්ඩ්‍රො‍යිඩ් os එක ආවා කියලා හැමෝම දන්නවනේ.ඒත් ඉතින් හැමෝටම 5.0 වලට බහින්න බෑනෙ.දුකයි තමා මොනවා කරන්නද?
      ඒත් අපි මේ හදන්නෙ ලොලිපොප් වල අතුරුමුහුණතට සමාන විදියට හැඩරුවක් ඔයාලගේ ෆෝන් එකටත් ලබා දෙන්න.
Download Lollipop Wallpapers   
Download Lollipop Sounds
Download Lollipop Messenger (KK)
Download Lollipop Camera(KK)
Download Play store 5.0 (2.3+)
Download Lollipop Keyboard

VIDEO-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට සිංහල දාමු

ඔන්න අපි ඔයාලා වෙනුවෙන්ම ෆෝන් එකට සිංහල දාන විදිය ගැන වීඩියෝ එකක් හැදුවා.දැන් ඉතින් බය නැතුව සිංහල දාගන්න පුලුවන්


මූලික වශයෙන් ඇප් එකක් හදලා වර්චුවල් ඩිවයිස් එකක් තුළ run කරන ආකාරය ☺☻☺(LESSON-3)

                                                  මීට කලින් පාඩමෙන් නව ප්‍රොජෙක්ට් එකක් අරඹන හැටි කිව්වා මතක ඇති නේද?මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න.
 දැන් අපි බලමු  මූලික වශයෙන් ඇප් එකක් හදලා වර්චුවල් ඩිවයිස් එකක් තුළ run කරන ආකාරය පිළිබඳව.

                                       මෙහි ඇති ඇප් එකේ අතුරුමුහුණත තුළ දැක ගන්න පුලුවන් ඉහළින්ම අප විසින් ඇප් එකට ලබා දුන්න නම.මේ රූපයේ තියෙන විදියට නම් Uditha ishan කියලා තියෙනවා.එයට යටින් Hello world ලෙස වචන පේළියක් තියෙනවා.
                                               මෙලෙස Hello world කියලා සටහන වෙලා තියෙන්නේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් තුළයි.එය අපි කැමති ආකාරයකට වෙනස් කරගන්න පුලුවන්.මේ සඳහා එම ටෙක්ස්ට් ෆීල්ඩ් එක මත ක්ලික් කරන්න.දකුණු පස ප්‍රොපර්ටීස් තුළින් Text යන්න ඉදිරියේ ඇති අකුරු පෙළ මකා දමා අවශ්‍ය අකුරු පෙළක් ලබා දෙන්න.මම දීලා තියෙන්නේ Welcome to android world කියලා.දැන් අපි මූලික වශයෙන් ඇප් එකක් හදලා අවසන්.




ඇප් එක වර්චුවල් ඩිවයිස් එකක් තුළ run කිරීම:::::::::::::::::::::::::::::::::::::::::::::::::::

                          මෙසේ සෑදූ ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් ඇති ටැබ් එකක හෝ ෆෝන් එකක ක්‍රියා කරවිය හැකි වුවත් වර්චුවල් ඩිවයිස් එකක් තුළ ධාවනය කිරීම ඉතාමත් පහසුය.මෙය කිරීමට Window තුළින් ගොස් Android Virtual Device Manager විවෘත කර ගත යුතුය.දැන් එහි New  බට්න් එක ක්ලික් කරන්න.ඉන් පසු එන වින්ඩෝ එකෙහි ඇති AVD Name සඳහා සුදුසු නමක් ලබා දෙන්න.Device සඳහා 3.7"WVGA යන්න ලබා දෙන්න.ඉන්පසු Ok ක්ලික් කරන්න.


                                     පසුව Android Virtual Device Manager  වින්ඩෝ එකෙහි AVD Name හට ලබාදුන් නම සිලෙක්ට් කර Start බට්න් එක ක්ලික් කරන්න.ඊළඟට එන Launch option බොක්ස් එකෙහි යට ඇති Launch බට්න් එක ක්ලික් කර ඉදිරියට යන්න.එවිට පිවිසෙන්නේ වර්චුවල් ඩිවයිස් මැෂින් එක තුළටයි.එය බූට් වී අවසන් වූ පසු  එය වසා නොදමා eclipse IDE එකෙහි ටූල් බාර් එකෙහි ඇති RUN බට්න් එකෙහි ඇති ඊතල ලකුණ ක්ලික් කරවිට එන මෙනුවෙන් ඇප් එක ‍තෝරා දෙන්න.එවිට එය වර්චුවල් ඩිවයිස් මැෂින් එකෙහි ක්‍රියාත්මක වනු ඇත.









All Rights Reserved. Powered by Blogger.