Showing posts with label review. Show all posts
Showing posts with label review. Show all posts

ඔබේ Android ටැබ්ලට් එක හොඳින් හඳුනාගන්න.


අතේ ගෙන යා හැකි උපකරණයක මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිතවීම නිසා Android tablets භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. එසේ ම නිශ්පාදකයන් සෑම අවුරුද්දකම නවතම ආකාරයේ apps ද ඉදිරිපත් කරනවා. මේ සියල්ල සමග බොහෝ අවස්ථාවන්හිදී Android අනිකුත් මෙහෙයුම් පද්ධතීන් අභිබවා නැගී සිටිනවා. මාර්ගගත වෙළඳසල් මේ Android tablet පිළිබඳ මහත් විප්ලවයක් කරමින් පවතින බව පෙනෙනවා. එය Kaymu.lk, හෝ takas.lk, කුමක් වුවත් ඔවුන් සතුව පුළුල් පරාසයක Android Tablets තිබෙනවා. මේ ටැබ්ලට්වල උපරිම ඵල නෙලා ගන්නට ඔබට අවශ්‍ය නම් ඔබේ ටැබ්ලට් එක මෙන්ම මෙහෙයුම් පද්ධතිය පිළිබඳව දැනගෙන සිටීම වැදගත්. Android Tabletවල ඉහළම ක්‍රියාකාරිත්වය ලබාගැනීමට හැම කෙනෙක්ම දැනගෙන සිටිය යුතු ඉඟි කීපයක් පහතින් අපි ඉදිරිපත් කරනවා.




වෙබ් විජට්ටු

විජට්ටු මගින් භාවිතයේ පහසුව බෙහෙවින් ඇතිකරනවා. Android මෙහෙයුම් පද්ධතිය ප්‍රසිද්ධ වීමටද මේ විජට්ටු බලපෑවා. ආධුනිකයන්ට HD widgets ස්ථාපනය කරගැනීම නිර්දේශිතයි. HD widgets භාවිතයෙන්, ඔබට camera settings, battery settings, brightness, Wi-Fi settings සහ බොහෝ දේට shortcut සාදාගත හැකියි. එමගින් ලැබෙන පහසුව නිසා Android උපාංගය සමග ඔබේ ඇති බැඳීම තවත් වැඩි වේවි. බොහෝ HD Widgets Google Play හරහා ලබාගත හැකියි.



ඉතා හොඳ සහ දිගු බැටරි ආයුකාලයක් සඳහා

ඔබේ මුදල් ආයෝජනය කිරීමට වැදගත් කමක් ලැබෙන්නට නම් උපාංගයේ බැටරි කාලයේ රඳා පැවැත්ම ද බොහොම වැදගත්. ඔබ තිරයේ brightness අඩු කිරීමෙන් ම එය අරඹන්න. දහවල් හිරු එළියෙදි නමුත් සියයට පනහක තිර දීප්තිය ප්‍රමාණවත්. කොහොම නමුත්, නැවත අඳුරෙදි එය බින්දුව දක්වා ගෙන එන්නට අමතක කරන්නට එපා. පිටින් ගන්න තිබෙන Power banks සහ බැටරි original ඒවා තරම් වැඩි කල් පවතින්නේ ද නැහැ.


3DMark Unlimited test

අපි ත්‍රිමාණ ලොවක ජීවත් වන නිසා යාවත්කාලීනවී සිටීම වැදගත්. අනිවාර්යයෙන්ම ඔබ Candy Crush play කරනවා වෙන්නට පුළුවන්. ඒත් පරිගණක ක්‍රීඩා ලෝලියෙක් නම් ඊට වඩා හොඳ ක්‍රීඩා ඔබට අවශ්‍ය වේවි. ඒ සඳහා ඔබේ උපාංගය සුදුසුදැයි බලන්නට ඔබට 3D Mark unlimited test ස්ථාපනය කරගන්නට ඕන. 3DMark යනු benchmark කළ හැකි app එකක්. එමගින් ඔබේ උපාංගය කිසියම් ක්‍රීඩාවක් සඳහා උචිතදැයි සොයා දෙනවා.


Netflix

ප්‍රසිද්ධ app සැලකුවාම, කවුද Netflix භාවිතා නොකරන්නේ? හොඳයි, ඔබ තවමත් එය ස්ථාපනය කරගෙන නැත්නම් දැන්ම ලොව විශාලතම මාධ්‍ය සහ චිත්‍රපට එකතුව සමග එක්වෙන්න. එහි පරිශීලක අතුරුමුහුණත ද භාවිතයට ඉතා පහසුයි.


ES File Explorer

ES File Explorer ස්ථාපනය කරගැනීමෙන් ෆෝල්ඩර විශාල ප්‍රමාණයක් සැකසීමෙන් ඔබට මිදෙන්නට පුළුවන්. ඔබේ ගොනුවලට සැනෙකින් පිවිසෙන්නට මෙතරම් උචිත app එකක් තවත් නැහැ. එය උපාංගයේ මෙන්ම SD මතකය භාවිතා කිරීමට ද ඔබට අවස්ථාව සලසනවා. ඉතින් මේ දේවල් සමග ඔබේ Android ලොවක් රසවිඳින්න.


Article by 
Nimrah Shahid - A Tech Writer, writes usually to cater most user concerns or about new tech information.





අනේ දෙයියනේ Note 4 එක!!!

සැම්සුන්ග් නෝට් 4 එක පිහියෙන් කැපුවොත් මොනවා වෙයිද?

එතකොට මිටියෙන් ගැහුවොත් මොනවා වෙයිද?

 බලලම ඉන්නකෝ!

Lollipop 5.0 ගැන විපරමක්.....[VIDEO]


අපි ඔන්න ලොලිපොප් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක ගැන උනන්දු වෙන අයට AndroidPIT ලා කළ ඉදිරිපත් කිරීමක් ගෙනාවා.


VIDEO FROM #androidpit


Lollipop 5.0 වලට අපිත් මාරු වෙමුද?

     මේ ළඟදි ඉතින් අලුත්ම ඇන්ඩ්‍රො‍යිඩ් os එක ආවා කියලා හැමෝම දන්නවනේ.ඒත් ඉතින් හැමෝටම 5.0 වලට බහින්න බෑනෙ.දුකයි තමා මොනවා කරන්නද?
      ඒත් අපි මේ හදන්නෙ ලොලිපොප් වල අතුරුමුහුණතට සමාන විදියට හැඩරුවක් ඔයාලගේ ෆෝන් එකටත් ලබා දෙන්න.
Download Lollipop Wallpapers   
Download Lollipop Sounds
Download Lollipop Messenger (KK)
Download Lollipop Camera(KK)
Download Play store 5.0 (2.3+)
Download Lollipop Keyboard

VIDEO-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට සිංහල දාමු

ඔන්න අපි ඔයාලා වෙනුවෙන්ම ෆෝන් එකට සිංහල දාන විදිය ගැන වීඩියෝ එකක් හැදුවා.දැන් ඉතින් බය නැතුව සිංහල දාගන්න පුලුවන්


ෆෝන් එක කඩා ගන්නේ නැතිව සිංහල දාමු.

                                       
                                          ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ෆෝන් එකේ සිංහල අක්ෂර පෙන්නන්නේ නැති එක.ඒ වගේම සිංහල දාගන්න ගිහිල්ලා ෆෝන් එක කඩා ගන්න එක.මටත් ඒක වෙලා තියෙනවා.ඒක හින්දා තමයි මම මේ ක්‍රමය ඔයාලට කියන්න යන්නේ.ඒ වගේම මේ විදියට කරාම ඕනම app එකක නියමෙට සිංහල පෙන්නනවා.හැබැයි මේක කරන්න නම් ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕන.

මුලින්ම කියන්න ඕන මම ඔයාලගේ ෆෝන් එක ගැන වගකියන්නේ නැති බව.ඒකට එකඟ නම් වැඩේ පටන් ගමු.

*මුලින්ම ඉස්කෝලපොත ෆොන්ට් එක බාගන්න.[පහළ ලින්ක් එකෙන්....]
*ඒ වගේම Font Installer  ඇප් එකත් ස්ථාපනය කරගන්න.
*ඊට පස්සේ ෆොන්ට් ඉන්ස්ටෝලර් ඇප් එකෙන් පහත දක්වා තියෙන විදියට  ඉස්කෝලපොත ෆොන්ට් ෆයිල්     එක ස්ථාපනය කරගන්න.

#1


#2
#3

#4
*දැන් ෆෝන් එක රීබූට් කරන්න.දැන් සිංහල ෆොන්ට් වැඩද
කියලා චෙක් කරලා බලන්න.




                                                                 sinhala font installing.zip
                                                         {rom manager+font+font installer}
--------------------------------------------------------------------------------------------------------






All Rights Reserved. Powered by Blogger.