Showing posts with label android_develop. Show all posts
Showing posts with label android_develop. Show all posts

Lollipop 5.0 ගැන විපරමක්.....[VIDEO]


අපි ඔන්න ලොලිපොප් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක ගැන උනන්දු වෙන අයට AndroidPIT ලා කළ ඉදිරිපත් කිරීමක් ගෙනාවා.


VIDEO FROM #androidpit


Lollipop 5.0 වලට අපිත් මාරු වෙමුද?

     මේ ළඟදි ඉතින් අලුත්ම ඇන්ඩ්‍රො‍යිඩ් os එක ආවා කියලා හැමෝම දන්නවනේ.ඒත් ඉතින් හැමෝටම 5.0 වලට බහින්න බෑනෙ.දුකයි තමා මොනවා කරන්නද?
      ඒත් අපි මේ හදන්නෙ ලොලිපොප් වල අතුරුමුහුණතට සමාන විදියට හැඩරුවක් ඔයාලගේ ෆෝන් එකටත් ලබා දෙන්න.
Download Lollipop Wallpapers   
Download Lollipop Sounds
Download Lollipop Messenger (KK)
Download Lollipop Camera(KK)
Download Play store 5.0 (2.3+)
Download Lollipop Keyboard

VIDEO-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට සිංහල දාමු

ඔන්න අපි ඔයාලා වෙනුවෙන්ම ෆෝන් එකට සිංහල දාන විදිය ගැන වීඩියෝ එකක් හැදුවා.දැන් ඉතින් බය නැතුව සිංහල දාගන්න පුලුවන්


මූලික වශයෙන් ඇප් එකක් හදලා වර්චුවල් ඩිවයිස් එකක් තුළ run කරන ආකාරය ☺☻☺(LESSON-3)

                                                  මීට කලින් පාඩමෙන් නව ප්‍රොජෙක්ට් එකක් අරඹන හැටි කිව්වා මතක ඇති නේද?මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න.
 දැන් අපි බලමු  මූලික වශයෙන් ඇප් එකක් හදලා වර්චුවල් ඩිවයිස් එකක් තුළ run කරන ආකාරය පිළිබඳව.

                                       මෙහි ඇති ඇප් එකේ අතුරුමුහුණත තුළ දැක ගන්න පුලුවන් ඉහළින්ම අප විසින් ඇප් එකට ලබා දුන්න නම.මේ රූපයේ තියෙන විදියට නම් Uditha ishan කියලා තියෙනවා.එයට යටින් Hello world ලෙස වචන පේළියක් තියෙනවා.
                                               මෙලෙස Hello world කියලා සටහන වෙලා තියෙන්නේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් තුළයි.එය අපි කැමති ආකාරයකට වෙනස් කරගන්න පුලුවන්.මේ සඳහා එම ටෙක්ස්ට් ෆීල්ඩ් එක මත ක්ලික් කරන්න.දකුණු පස ප්‍රොපර්ටීස් තුළින් Text යන්න ඉදිරියේ ඇති අකුරු පෙළ මකා දමා අවශ්‍ය අකුරු පෙළක් ලබා දෙන්න.මම දීලා තියෙන්නේ Welcome to android world කියලා.දැන් අපි මූලික වශයෙන් ඇප් එකක් හදලා අවසන්.




ඇප් එක වර්චුවල් ඩිවයිස් එකක් තුළ run කිරීම:::::::::::::::::::::::::::::::::::::::::::::::::::

                          මෙසේ සෑදූ ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් ඇති ටැබ් එකක හෝ ෆෝන් එකක ක්‍රියා කරවිය හැකි වුවත් වර්චුවල් ඩිවයිස් එකක් තුළ ධාවනය කිරීම ඉතාමත් පහසුය.මෙය කිරීමට Window තුළින් ගොස් Android Virtual Device Manager විවෘත කර ගත යුතුය.දැන් එහි New  බට්න් එක ක්ලික් කරන්න.ඉන් පසු එන වින්ඩෝ එකෙහි ඇති AVD Name සඳහා සුදුසු නමක් ලබා දෙන්න.Device සඳහා 3.7"WVGA යන්න ලබා දෙන්න.ඉන්පසු Ok ක්ලික් කරන්න.


                                     පසුව Android Virtual Device Manager  වින්ඩෝ එකෙහි AVD Name හට ලබාදුන් නම සිලෙක්ට් කර Start බට්න් එක ක්ලික් කරන්න.ඊළඟට එන Launch option බොක්ස් එකෙහි යට ඇති Launch බට්න් එක ක්ලික් කර ඉදිරියට යන්න.එවිට පිවිසෙන්නේ වර්චුවල් ඩිවයිස් මැෂින් එක තුළටයි.එය බූට් වී අවසන් වූ පසු  එය වසා නොදමා eclipse IDE එකෙහි ටූල් බාර් එකෙහි ඇති RUN බට්න් එකෙහි ඇති ඊතල ලකුණ ක්ලික් කරවිට එන මෙනුවෙන් ඇප් එක ‍තෝරා දෙන්න.එවිට එය වර්චුවල් ඩිවයිස් මැෂින් එකෙහි ක්‍රියාත්මක වනු ඇත.









අලුත් ඇප් එකක් ලිවීම ඇරඹීම.☺☻(LESSON-2)


                                                                         මේ සඳහා නව ප්‍රොජෙක්ට් එකක් විවෘත කර ගත යුතු වේ.එයට File→New→Android Application Project මඟින් ගොස්  android application project විවෘත කර ගතයුතුය.(රූපය-1)



◘එහි ඇති Application Name යන්න ඉදිරියෙන් සුදුසු නමක් ලබා දෙන්න.එවිට යටින් ඇති Project                    name,Package name ඉබේම පිරෙනු ඇත.(රූපය-2)


◘මෙහි Minimum required SDK යටතේ පැරණිම android සංස්කරණය තොරා දෙන්න.
◘Target SDK යටතේ දැනට ඇති ඉහළම සංස්කරණය ලබාදෙන්න.
◘ඉන්පසු Next බට්න් එක ක්ලික් කර ඉදිරි පියවරට යන්න.
◘එහි කිසිවක් වෙනස් නොකර නැවතත් Next බට්න් එක ක්ලික් කරන්න.
◘මෙම පියවරෙන් ඇප් එක සඳහා සුදුසු අයිකන් එකක් ‍තෝරා දී ඉදිරියට යන්න.
◘මෙම පියවරේ Blank activity යන්න ‍තෝරා දී ඉදිරියට යන්න.(රූපය-3)

◘ඉන්පසු Finish බට්න් එක ක්ලික් කරන්න.

                                                        එවිට පැමිනෙනේ අපගේ ඇප් එක නිර්මාණය කිරීමට ඉඩ සලසන වින්ඩෝ එකයි.ප්‍රොජෙක්ට් එකට අදාළ පැකේජ සියල්ල පෙන්වන්නේ වම් පස ඇති Package Explorer නම්
කොටසේය(රූපය-4).මෙම කොටස ඇත්තේ නැත්නම් Window මෙනු එකෙන් Show View ‍තෝරා ගත් විට පෙන්වනු ඇත.මෙහි ඇති activity_main.xml ටැබ් එක තුළ  ඇත්තේ අප සාදන ඇප් එකේ අතුරුමුහුණතට යොදන විවිධ කන්ට්‍රෝල්ස් වේ.අවශ්‍ය ඒවා මත ක්ලික් කර අපගේ ඇප් එකෙහි අතුරුමුහුණතට ඇද දැමිය හැක.

                         
                                        එසේ ගත් ඕනෑම කන්ට්‍රෝල් එකක් ක්ලික් කළ විට එහි ප්‍රොපර්ටීස් වම් පස ඇති
Properties කොටසේ පෙන්වයි.අපට අවශ්‍ය පරිදි ඒවායේ ප්‍රොපර්ටීස් වෙනස් කල හැකි අතර වෙනස් කිරීම් නැවත මුල් තත්වයට ගෙන ඒමට Window මෙනුවෙන් Reset Perspective ගොස් යන්න ‍තෝරා දිය යුතුය.

තවත් වැඩකිඩ ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
                                                                 © uditha ishan
ADT Bundle ස්ථාපනය කරගන්නා හැටි. (LESSON-01)

ADT Bundle ස්ථාපනය කරගන්නා හැටි. (LESSON-01)


                                                      ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නොයෙක් වැඩ කටයුතු කරගැනීමට විවිධාකාරයේ ඇප්ස් ඇත.එවැනි වැඩසටහනක් දැන් ඔබටම තනා ගත හැක.ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම ඔබට ලබා දීම මෙම පාඩම් මඟින් අප බලාපොරොත්තු වේ.

ප්‍රථමයෙන්ම, මේ සඳහා පරිගණකයේ ජාවා ස්ථාපනය කරගත යුතුවේ.එසේ ස්ථාපනය කර නැත්නම් පහත ලින්ක් එක හරහා ගොස් ජාවා ස්ථාපනය කරගන්න.
                                              http://java.com/en/
මීට පසුව, ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිවීම සඳහා අවශ්‍ය ඒඩීටී බන්ඩල් වැඩසටහන බාගත කර ගත යුතුය.
මෙය developer.android.com මඟින් නොමිලේ ලබා දෙයි.

බාගත කරගත් වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය:::

1.බාගත කරගත් සිප් ෆයිල් එක C:drive එක තුළ Development ලෙස ෆෝල්ඩරයක් සාදා extract කරගන්න.
2.මීළඟට එහි ඇති eclipse නම් ෆෝල්ඩරය තුළ ඇති eclipse ෆයිල් එක විවෘත කරගන්න.එවිට පැමිනෙන්නේ     workspace launcher එකයි.එහි ඇති workspace යන්නෙන් අපගේ project එක සේව් කල යුතු ස්ථානය ‍        තෝරා දෙන්න.

            අලුත් ඇප් එකක් ලිවීම ඇරඹන ආකාරය පිළිබඳව ඊළඟ පාඩමෙන් බලාපොරොත්තු වන්න.

                                                 මෙහි ඇති කිසිවක් උපුටා ගැනීම සපුරා තහනම්!
                                                     All Rights Reserved. ©uditha_ishan
All Rights Reserved. Powered by Blogger.