අලුත් ඇප් එකක් ලිවීම ඇරඹීම.☺☻(LESSON-2)


                                                                         මේ සඳහා නව ප්‍රොජෙක්ට් එකක් විවෘත කර ගත යුතු වේ.එයට File→New→Android Application Project මඟින් ගොස්  android application project විවෘත කර ගතයුතුය.(රූපය-1)



◘එහි ඇති Application Name යන්න ඉදිරියෙන් සුදුසු නමක් ලබා දෙන්න.එවිට යටින් ඇති Project                    name,Package name ඉබේම පිරෙනු ඇත.(රූපය-2)


◘මෙහි Minimum required SDK යටතේ පැරණිම android සංස්කරණය තොරා දෙන්න.
◘Target SDK යටතේ දැනට ඇති ඉහළම සංස්කරණය ලබාදෙන්න.
◘ඉන්පසු Next බට්න් එක ක්ලික් කර ඉදිරි පියවරට යන්න.
◘එහි කිසිවක් වෙනස් නොකර නැවතත් Next බට්න් එක ක්ලික් කරන්න.
◘මෙම පියවරෙන් ඇප් එක සඳහා සුදුසු අයිකන් එකක් ‍තෝරා දී ඉදිරියට යන්න.
◘මෙම පියවරේ Blank activity යන්න ‍තෝරා දී ඉදිරියට යන්න.(රූපය-3)

◘ඉන්පසු Finish බට්න් එක ක්ලික් කරන්න.

                                                        එවිට පැමිනෙනේ අපගේ ඇප් එක නිර්මාණය කිරීමට ඉඩ සලසන වින්ඩෝ එකයි.ප්‍රොජෙක්ට් එකට අදාළ පැකේජ සියල්ල පෙන්වන්නේ වම් පස ඇති Package Explorer නම්
කොටසේය(රූපය-4).මෙම කොටස ඇත්තේ නැත්නම් Window මෙනු එකෙන් Show View ‍තෝරා ගත් විට පෙන්වනු ඇත.මෙහි ඇති activity_main.xml ටැබ් එක තුළ  ඇත්තේ අප සාදන ඇප් එකේ අතුරුමුහුණතට යොදන විවිධ කන්ට්‍රෝල්ස් වේ.අවශ්‍ය ඒවා මත ක්ලික් කර අපගේ ඇප් එකෙහි අතුරුමුහුණතට ඇද දැමිය හැක.

                         
                                        එසේ ගත් ඕනෑම කන්ට්‍රෝල් එකක් ක්ලික් කළ විට එහි ප්‍රොපර්ටීස් වම් පස ඇති
Properties කොටසේ පෙන්වයි.අපට අවශ්‍ය පරිදි ඒවායේ ප්‍රොපර්ටීස් වෙනස් කල හැකි අතර වෙනස් කිරීම් නැවත මුල් තත්වයට ගෙන ඒමට Window මෙනුවෙන් Reset Perspective ගොස් යන්න ‍තෝරා දිය යුතුය.

තවත් වැඩකිඩ ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
                                                                 © uditha ishan

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.