Blue stacks App Player

       
                                     
                                           ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ක්‍රියාත්මක වන්නේ අදාළ මෙහෙයුම් පද්ධතිය තුළ පමණක් වුවත් දැන් වින්ඩෝස් හා මැක් පරිගණක තුළදීද ඇප්ස් ක්‍රියාත්මක කිරීමට හැකි විශේෂ පරිගණක වැඩසටහන් තිබේ.එය පරිගණකයේ ස්ථාපනය කරගත්විට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකය තුළදීද ක්‍රියාත්මක කිරීමට පුලුවන.මෙම මෘදුකාංගයේ නම Blue stacks ය.

Blue stacks බාගත කිරීම::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
                                         මෙම වැඩසටහන නොමිලේ ලබාදෙන්නකි.මෙය www.bluestacks.com අඩවිය තුළින් බාගතකරගත හැක.(නොයෙකුත් වෙබ් අඩවි තුළ මෙය ලබාදුන්නත් ඒවා 100% විශ්වාසදායී නොවේ)
අදාළ අඩවියෙන් තම පරිගණකයට ගැළපෙන සෙටප් ෆයිල් එක ලබාගත් විට එය සාමාන්‍ය පරිදි ස්ථාපනය කරගන්න.(ස්ථාපනය කරන අවස්ථාවේ අන්තර්ජාල සබඳතාව තිබිය යුතුය)

                              ස්ථාපනය වූ පසු එය විවෘත කරගන්න.එවිට ලැබෙන්නේ ප්‍රධාන මෙනුවයි.ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් එහි දක්වා තිබෙනු එවිට දැකිය හැක.තමා කැමති ඇප් එකක් බාගත කරගත් පසු එය ඉබේම ස්ථාපනය වේ.මෙහි තිබෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් අතුරු මුහුණත නිසා එහි සියලු කාර්යයන් පහසුවෙන් කිරීමට පුලුවන.ඇප්ස් වෙත පිවිසීමට අදාළ ඇප් එක මත එක්වරක් ක්ලික් කරන්න.ඇප්ස් සෙටින්ග්ස් සැකසීමට සෙටින්ග්ස් වෙත යා යුතුය.

TIP:~ඔබේ පරිගණකයේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ගබඩා කර තිබේ නම් ඒවා අන්තර්ජාලයෙන් බාගත කිරීමෙන්           තොරව ස්ථාපනය කිරීමටද ක්‍රමයක් තිබේ.මේ සඳහා අදාළ ඇප් එකක් මත right click කර open with           වෙත යන්න.ඉන්පසු choose default program වෙත ගොස් browse වෙත යන්න.එයින්                                 c:\program files\Blue stacks වෙත ගොස් apk handler.exe ‍තෝරා දෙන්න.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.