"2nd hand" ස්මාට්ෆෝන් එකක් ගන්නද හදන්නේ?

                                 
                    ස්මාට්ෆෝන් කියල කියන්නෙ අද තියෙන දේ හෙට අලුත් මුහුණුවරකින් එන උපාංගයක්.එවිට පෙර එළිදැක්වූ නිෂ්පාදනයන් නිෂ්පාදකයින් විසින් නැවත වෙළඳ පොළට නිකුත් කිරීම වසරක පමණ කාලයකින් නවතා දැමීම සිදු කරයි.එමනිසා වෙළඳ පොළ තුල නොමැති උපාංග ebay වැනි වෙබ් අඩවි තුලින් හෝ පෙර අයිතිකරුවෙකු ගෙන් මිළදී ගැනීමට හැකියාව පවතී.එමෙන්ම ඒවායේ මිළ ඉතාමත් අඩු වීම නිසා එවැනි උපාංග මිළට ගැනීමට බොහෝ දෙනා නැඹුරුවක් දක්වයි.කෙසේ නමුත් එවැනි දුරකථනයක් මිළට ගැනීමේදී  ඉතාමත් සැලකිලිමත් වියයුතු වේ.මක්නිසාද යත් එවැනි දුරකථන බොහෝමයක් අලියා ගිලපු දිවුල් ගෙඩිය වැනි වීමයි.




1.ප්‍රථමයෙන්ම දුරකථනය බාහිර පරීක්ශා කිරීමකට ලක් කරන්න.තැලීම්,සීරීම්,පලුදු වීම් ඇත්දැයි සොයා බලන්න.නමුත් පි‍ටුපස කවරයේ ඇති සීරුම් පිළිබඳව සොයා බැලීම අනවශ්‍යය.නමුත් තිරයේ ඇති සීරුම් පිළිබඳ ඉතාමත් සැළකිල්ලෙන් සොයා බැලිය යුතුය.
2දුරකථනයේ ක්‍රියාකාරීත්වය සොයා බලන්න.අඩංගුව ඇති සියලුම සංවේදක(sensors) හොඳින් ක්‍රියාත්මක වන්නේදැයි බලන්න.මෙයට සංවේදක වලට අදාළ සුදුසු යෙදුමක් යොදා ගතහැක.තිරයේ සංවේදීතාව කෙසේ දැයි හොඳින් සොයා බලන්න.Sඵ් වල ගුණාත්මකභාවය,කැමරාව හොඳින් ක්‍රියාත්මක වේද බලන්න.
3.ඇසුරුමේ සඳහන් Iඹ්I අංකය දුරකථනයේ අංකය සමඟ නිවැරදි දැයි බලන්න.මෙයට *#06# හෝ ස්මාට්ෆෝනයේ වෙත ගොස් එහි වෙත යන්න.එහි ඇති යන්න යටතේද අංකය දක්වා තිබෙනු ඇත.
4.SD card රඳවනය,SIM card රඳවනය බුරුල් වී ඇත් දැයි බලන්න
5.නිෂ්පාදිත රට,සමාගම,දුරකථනයේ අංකය නිවැරදි දැයි බලන්න.
6.දුරකථනය විකිණීමට හේතුව විකුණන්නාගෙන් අසා දැනගන්න(විකිණීමට හේතුව දෝෂයක් විය හැකි නිසා)

යාලුවනේ කියවලා බලලා විතරක් යන්නෙ නැතුව පහලින් comment එකක් දාගෙනම ගිහින් පොඩි sup
එකක් දෙන්න.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.