තත්පර 30න් ෆෝන් බැටරියක් චාර්ජ් කරන්න පුලුවන්ද?


                                   මේක අහපු වෙලාවෙ මට හිතුනෙ මුන්ට පිස්සුද කියලා.ඒත් ටික වෙලාවකින් තමයි මටත් තේරුනේ මේක ඇත්ත සිද්ධියක් කියල.මෙන්න මේකයි වෙලා තියෙන්නෙ,
                       තත්පර 30කින් මොබයිල් ෆෝන් එකක් චාර්ජ් කළ හැකි තාකෂණයක් නිපදවූ බව ස්ටෝර්ඩොට් නම් ඊශ්‍රායල සමාගමක් එරට අගනුවර පැවති මයික්‍රොසොෆ්ට් සමාගමේ Think next ප්‍රදර්ශනයේදී එළිදරව් කරලා.ඔවුන් එහිදී තත්පර 30කින් සැම්සුන්ග් S4 ෆෝන් එකක් චාර්ජ් කරන්න සමත් වෙලා.මෙය ඕනෑම උපාංගයකට භාවිත කරන්න හැකියාව ඇතැයි ඔවුන් කියනවා.ලැප්ටොප් එකක් මේ විදියට අඩු වෙලාවකින් චාර්ජ් කරන්න පුලුවන් බව තමයි ඔවුන්ගේ අදහස.
ටෙල් අවීව් විශ්වවිද්‍යාලයේ නැනෝ තාක්ෂණය මේ චාර්ජරය නිපදවීමට යොදාගෙන තියෙනවා.මෙම සමාගම මේ ව්න විටත් ස්වභාවික පෙප්ටයිඩ යොදා ගෙන අර්ධ සන්නායක නිපදවනවා.මේ චාර්ජරයටත් ඒ තාක්ෂණය යොදා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
                                          දැනට S4 දුරකථන සඳහා පමනක් මේ චාර්ජර් නිපදවා ඇතත් ඉදිරියේදී ඕනෑම ස්මාට්ෆෝනයකට ගැළපෙන ලෙස නිපදවීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.එමෙන්ම මෙහි මිළ සාමාන්‍ය ගණන මෙන් දෙගුණයක් ඒ කියන්නෙ $30 ක් විතර බවත් සඳහන් වෙනවා.මේ චාර්ජරය 2016 සිට වෙළඳපොළට නිකුත් කරන බව ස්ටෝර්ඩොට් සමාගම කියනවා.
   

 ඔන්න ඉක්මන් කාරයන්ට හොඳ ආරංචියක් වේවි මේක.

1 comments:

This comment has been removed by a blog administrator.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.