"Project Ara" කෑලි කෑලි වලට ගලවන්න පුලුවන් ස්මාට්ෆෝන්...!

              කෑලි කෑලි වලට ගලවන්න පුලුවන් ස්මාට්ෆෝන් එනවයි කිව්වොත් ඉතින් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ,මොකද අද කාලයේ තාකෂණය එතරම් දියුණු නිසා.(LG සමාගමේ G Flex නම්‍යශීලී ස්මාට්ෆෝනය ගැන හිතුවාම මේව ගැන පුදුම වෙන්න දෙයක් නෑ)  
                                                                       Googleසමාගම විසින් තමන් සතුව තිවුණ Motorola හි හිමිකාරිත්වය පසුගියදා Lenovo සමාගමට විකිණුවා.මේ ගනුදෙනුවෙන් සැලකිය යුතු මූල්‍යමය පාඩුවක් Google සමාගමට සිදු උනත් ඒ පාඩුව අවම වෙන්න ප්‍රතිලාභ ‍රැසක් Google සමාගම විසින් උපයාගෙන තිබුණා.එයින් ප්‍රධානම එක වෙන්නේ Motorola හි විද්‍යාඥයින් විසින් නිපදවූ "Project Ara"තාක්ෂණයට පේටන්ට් බලපත්‍රය දිනාගැනීමට Google සමාගම සමත් වීමයි.
                        මෙම තාක්ෂණය අනුව පාරිභෝගිකයන්ට තමන්ගේ දුරකථනය තමාටම සාදා ගැනීමේ හැකියාව ලැබෙනවා.මේ අලුත් වෙනස හින්දාම බොහෝ දෙනාගේ අවදානය මෙයට යොමු වෙලා තියෙනවා.මෑතකදී මුදා හැරුනු වීඩියෝවකින් කියවුනේ ඉදිරියේදී ෆැබ්ලටයක්,සාමාන්‍ය ප්‍රමාණයේ ස්මාට්ෆෝනයක් හා ඉතා කුඩා ස්මාට්ෆෝනයක් ලෙස නිෂ්පාදන පැමිණෙන බවයි.මෙහි තිබෙන වැදගත්ම කරුණ තමයි කුඩාම ස්මාට්ෆෝනය $50 වැනි සුලු මුදලකට මිල නියම වේ යයි කටකතාවක් තිබීමයි.කෙසේ වෙතත් ඒ අනාවැකිය නිවැරදි වුවහොත් අපටද කොටස් ගැලවිය හැකි ආකර්ෂණීය ස්මාට්ෆෝනයක් අඩු මිලකට භාවිත කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.