ඔබේ ස්මාට්ෆෝන් තිරය ගැන සැලකිලිමත් විය යුතු කරුණු රැසක් ඇති බව දැනගෙන හිටියද?

           ස්මාට්ෆෝනයක ඉතාමත් වැදගත් ප්‍රධාන අංගයක් වෙනුයේ එහි තිරයයි.මෙය රැක ගැනීමට බිම වැටීමෙන් පමණක් රැක ගැනීමට එහා ගිය ආරක්ෂාවක් අවශ්‍ය වේ.

                ටච් ස්ක්‍රීන් ලෙස ස්මාට්ෆෝන් තිරය හදුන්වන්නේ එය ස්පර්ශ සංවේදී බැවිනි.නමුත් ස්පර්ශ සංවේදී ලෙස පැවසූ විට එය අනවශ්‍ය පීඩනයකින් ස්පර්ශ කිරීම තිරයේ සංවේදීත්වයේ ආයු කාලයට සෘජුවම බලපායි.
            කැපෑසිටිව් වර්ගයේ තිරයක් ඇත්නම් ඇඟිල්ල පමණක් යොදා ගෙන ස්පර්ශ කල යුතුය.
           එමෙන්ම දුරකථනය හිරු එළියට සෘජුවම නිරාවරණය නොකල යුතු‍ය.
           ටච් ස්ක්‍රීනයේ මතුපිට තිර ආරක්ෂක පටලයක් අලවා තිබීමද හොඳ ආරක්ෂාවකි.මක්නිසාද යත් එයින් සීරුම් අවම වන බැවිනි.
           ඩෙනිම් වැනි කිටි කිටියේ තදට අඳින කලිසම් සාක්කු වල දැමීමේදී සැලකිලිමත් විය යුත්තේ එයින් තිරය ඇදීමට ලක් වන නිසාය.
           චුම්භක බල ක්‍රියාත්මක වන ස්ථාන වල දුරකථනය නොතැබිය යුතුය.චුම්භක බල මඟින් තිරයේ සංවේදීතාව අඩු විය හැකියාව ඇතඔ

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.