ඔබත් ස්මාට්ෆෝනය මූල (ROOT)කරන්නද හදන්නේ?නැත්නම් මූල(ROOT) කරාද? මොහොතක් සිතන්න.


                                         ඔබ අන්තර්ජාලයේ root කියලා search කරල බැලුවම බලාගන්න පුලුවන් ගොඩක් වෙබ් අඩවි වල root කරන හැටි විස්තර කර තිබුණත් එහි ඇති වාසි හා අවාසි දක්වලා නෑ.ඒ හින්දා මේක කියවලා බලන්න.
                                                                                                                                                            
                                                            


මොකක් මේ  මූල කිරීම?       
                                   ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් කියල කියන්නේ මෙහෙයුම් පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වන්නක්.එමඟින් අපට දුරකථනයේ සෑම ක්‍රියාවකටම හොට දැමීමේ අවස්ථාවක් නෑ.ඒකට හේතුව තමයි දුරකථනයේ ආරක්ෂාව අප අතින් බිඳ වැටීමට ඇති ඉඩකඩ වැඩි වීමයි.නමුත් මෙම මූල (root) කිරීමේදී අපට දුරකථනයේ සියලුම බලතල ලැබෙනවා.එනම් දුරකථනයේ "Super User" කියන නිලය අපට ලැබෙනවා.

මූල කිරීමේ ති වාසි

  • දුරකථනයේ සියලුම බලතල අපට ලැබේ.
  • ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියේ නව සංස්කරණ වෙත දුරකථනය යාවත්කාලීන කිරීමට හැක.
  • ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය පදනම් කරගත් වෙනත් මෙහෙයුම් පද්ධති ස්ථාපනය කිරීමට හැකි වීම.
  • මෙතෙක් ස්ථාපනය කිරීමට නොහැකි වූ යෙදුම් ස්ථාපනය කළ හැකි වීම.
  • යෙදුම් බාහිර මතකයට ස්ථාපනය කළ හැකි වීම.                                                                                                
මූල කිරීමේ ති වාසි
  • දුරකථනයේ වගකීම් සහතිකය අවලංගු වීම.
  • වයිරස් සඳහා දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය විවෘත වීම.
  • යම් හෙයකින් ඔබට දුරකථනය නිවැරදි ලෙස මූල කර ගැනීමට නොහැකි වුවහොත් යළි යථා තත්වයට පත් කල නොහැකි වීම.
  • කලක් ගත වීමේදී දුරකථනයේ ක්‍රියාකාරීත්වය අඩාල වීම.
"මූල කිරීමේදී ඇති වාසි කෙසේ වුවත් ඒ පසුපස එන අවාසි පිළිබඳව සලකා බැලීම දුරකථනයට මෙන්ම ඔබේ මුදල් පසුම්බියටද වැදගත් වෙනු ඇත."


1 comments:

Matanam root karanne nathuwa ninda yanne ne.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.