ස්මාට්ෆෝන‍ය හොරුන්ගෙන් රැකගමු !

ස්මාට්ෆෝනයක් යනු අනෙක් දුරකථන වලින් බෙහෙවින් වෙනස් එකකි.එමෙන්ම එහි වටිනාකම වැඩිය.එහි ඇති අපගේ තොරතුරු ඊට වඩා වටිනාකමකින් යුතුය.

        ඒ වගේ දුරකථනයක් හොරු ඉස්සුවොතින් හරි නැති වුණොත් මොන දෙයියන්ට කියලා කියන්නද?
ඒක හින්දා අපි අපේ ස්මාට්ෆෝනයේ ආරක්ෂාව තර කරගන්න සැලකිලිමත් වෙන්න ඕන.ඒකට හොඳ මුරපදයක් යෙදීම පමණක් ප්‍රමාණවත් නෑ.
          මේ සඳහා අපට විශේෂිත යෙදුම් භාවිත කරන්න පුලුවන්.මෙවැනි යෙදුම් කීපයකට උදාහරණ විදිහට "Lookout Mobile Security,AVG anti virus,Avast antivirus" ගන්න පුලුවන්.
   ඔබගේ ස්මාට්ෆෝනයේ Lookout වැනි යෙදුමක් ස්ථාපනය කර ඇත්නම් ඔබට දත්ත හුවමාරුව ක්‍රියාත්මක නම් google maps වල දුරකථනය ඇති ස්ථානය දැක ගන්න පුලුවන්.
            එමෙන්ම AVG Anti virus යෙදුම ඇත්නම් එමගින් අපට අපගේ දුරකථනය නැති වූ විට sms එකක් මඟින් අපගේ දුරකථනය lock කිරීම,සියලුම දත්ත මකා දැමීම,තිබෙන තැන් දැන ගැනීමට හැකියාව ලබාදෙයි.
       මෙවන් යෙදුම් වල වාසිය වන්නේ ඔබේ ස්මාට්ෆෝනය නැතිවූ විට හෝ සොරාගත් විට එය ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට හැකි වීමයි.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.