බ්ලූටූත් වලිනුත් හොරකම්? "බ්ලූස්නා‍ෆිං (Bluesnarfing)"

                       

                     බ්ලුටූත් කියලා කියන්නේ ඉතාමත් ජනප්‍රිය තොරතුරු හුවමාරු ක්‍රමයක්.මොකද දුරකථන,පරිගණක අතර ඕඩියෝ,වීඩියෝ හා වෙනත් ඕනෑම ආකාරයේ ෆයිල් වර්ගයක් එකිනෙක අතර හුවමාරු කරන්න මේ ක්‍රමය වැදගත් නිසා.එමෙන්ම ආරක්ෂාකාරී තොරතුරු හුවමාරු ක්‍රමයක් කියලත් පිළිගත්තා.ඒත් දැන් ඒ ආරක්ෂාව ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.බ්ලූටූත් වලින් තොරතුරු හොරාගන්නා ක්‍රම දැන් වැහි වැහලා.
                                බ්ලූටූත් වලින් දත්ත සම්ප්‍රේෂණය කරන්නේ අඩු තරංග සංඛ්‍යතයකින්.ඒ 2.48 GHz සංඛ්‍යාතයෙන්.මෙම සංඛ්‍යාතය මීටර් එකේ ඉඳලා සීයක් දක්වා පැතිරෙනවා.දැනට ඉතාමත් ජනප්‍රිය Bluetooth 4.0 තාක්ෂණයෙන් 24 Mbps වේගයකින් දත්ත හුවමාරු කරන්න පුලුවන්.
උපාංග දෙකක් අතරේ දත්ත හුවමාරු කරගන්න "Pairing" සම්බන්ධතාව ඕන වෙනවා.මෙසේ pairing සම්බන්ධය ඇති කරගත්තාම උපාංග අතර දත්ත හුවමාරු කරගන්න පුලුවන් කියලා අපි හැමෝම දන්නවා.ඒත් හැමෝම දන්නේ නෑ ඒ විදියට pair කර ගෙන ඉන්න කොට තවත් කෙනෙකුට ඒ තොරතුරු හොරා ගන්න පුලුවන් කියලා.මේක හැකර් කරුවෙක් කරන අනවසර ක්‍රියාවක්.
                                   මේ ක්‍රියාවට "බ්ලූස්නා‍ෆිං (Bluesnarfing)" කියලා කියනවා.මෙමඟින් අපේ තොරතුරු ඉතාමත් සූක්ශමව හැකර්කරුවට එළියට ගන්න පුලුවන්.ඒකට ඔහු විශේෂ පරිගණක වැඩසටහන් භාවිතා කරනවා.මේකෙන් බේරෙන්න නම් බ්ලූටූත් උපාංගය "Non-Discoverable" ලෙස තියාගන්න ඕනයි කියලයි කියන්නෙ.ඒවගේම හරියට නොදන්න කෙනෙක් "Pairing"කරගන්න එකත් කරන්න එපා.කොහොම උනත් ලංකාවේ නම් මේකට වැඩිය බය වෙන්න ඕන නෑ. මොකද මේක හැමෝටම කරන්න බැරි හින්දා.

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.