Facebook Home (අතිශයින්ම ෆේස්බුක් පිස්සන්ට පමණයි ☺)

         
                              ෆේස්බුක් හෝම් යනු අනෙක් ඇප් වලින් වෙනස් වූ විශේෂ එකකි.තවත් අතකින් ෆේස්බුක් කෙරෙහි වහවැ‍ටුණු පුද්ගලයන්ටම මෙය නිර්මාණය කර තිබේ.මෙය අමුතු ඇප් එකක් යයි කියනුයේ මෙය සාමන්‍ය ඇප් වලට වඩා වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වන නිසාය.කොටින්ම මෙය ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ආක්‍රමණය කර එය සඟවාලාගෙනය.
                                           ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඕපන් සෝස් වර්ගයේ වැඩසටහනක් නිසා හිතේ හැටියට එහි ගුණාංග වෙනස් කර ෆේස්බුක් මෙහෙයුම් පද්ධතියක් ලබා දෙන්නට මෙම ඇප් එක මඟින් ෆේස්බුක් සමාගමට හැකි වී ඇත.මෙම ඇප් එක ක්‍රියාත්මක කර විට මිතුරු මිතුරියන් විසින් ෆේස්බුක් ගිණුමට එවා තිබෙන ඉමේජස් හා පෝස්ට් ආදියෙන් ෆෝන් එකෙහි හෝම් ස්ක්‍රීන් එක පිරී යයි.මෙය හඳුන්වා ඇත්තේ "කවර් ෆීඩ්" ලෙසය.ඒවා හෝම් ස්ක්‍රීන් එකෙහිදීම හසුරු වීමට පුලුවන.මෙහි තවත් විශේෂාංගයක් වන්නේ ෆෝන් එකෙහි එස්.එම්.එස් වැඩසටහන ෆේස් බුක් මැසෙන්ජර් සමඟ ඒකාබද්ධ වීමයි.මෙය "චැට් හෙඩ්ස්" කියා හඳුන්වයි.මෙමඟින්  පැමිනෙන මැසේජ් පොප් අප් ලෙස පෙන්වයි.
                                            මේ  ෆේස්බුක් ඇප් එක විප්ලවීය එකකි.මක්නිසාද යත් මෙමඟින් මුලු ෆෝන් එකම ෆේස්බුක් වෙබ් පි‍ටුවක් මෙන් දැනෙන නිසාය.


                                                                                                   android 4.0+






1 comments:

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon

All Rights Reserved. Powered by Blogger.