ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියේ ඇති මෘදුකාංග දෝෂයක් නිසා වට්ස් ඇප් හි ඇති පෞද්ගලික තොරතුරු ඉවතට යාමේ හැකියාවක් තියෙයි කියලා ඔන්න හොයාගෙනලු.එහෙම කියන්නෙ ලේසි පාසු කෙනෙක් නෙවේ,ඕලන්දයේ බාස් බොෂර්ට් කියන පරිගණක ආරක්ෂක විශේෂඥයෙක්.ඒ ගැන වැඩි විස්තර එයාගේ බ්ලොගියේ දක්වලා තියෙනවා.(bas.bosschert.nl/steal-whatsapp-database/)මේකෙන් කියන්නෙ වට්ස් ඇප් හරහා කරන දුරකථන සංවාද ගැන තොරතුරු වෙන අයට හොරා බලන්න පුලුවන් කියලයි.ඒකට කවුරු හරි අනුන්ගෙ කුණු කන්දල් අවුස්සන්න කැමැති කෙනෙක් වැඩසටහනක් ලියලා ඒක මොකක් හරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකට රිංගවලා වට්ස් ඇප් පාවිච්චි කරන කෙනෙකුට ලබා දුන්නොත් එයාගෙ වට්ස් ඇප් චැට් ලොග් එක අනතුරේ වැටෙනවා කියලා ඒ විශේෂඥයා කියනවා.
කෙසේ වෙතත් වට්ස් ඇප් සමාගම කියන්නෙ මේතරම් අනතුරක් නැතෙයි කියලා. චැට් ලොග් එක එස්ඩී කාඩ් එකේ තැන්පත් කරන්නේ විශේෂ මෘදුකාංග වලින් ආරක්ෂිත කරලා හින්දා චැට් ලොග් එක පිටට ගන්න බැහැ කියල මොවුන් කියනවා.කෙසේ වෙතත් වට්ස් ඇප් සමාගම කියන්නේ තමන්ගේ අලුත්ම සංස්කරණය භාවිතා කරොත් බය වෙන්න අවශ්‍ය නෑ කියලයි.ඒ වගේම බාස් බොෂර්ට් කියන්නෙ පිළිගත් සමාගම් වලින් විතරක් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න කියලයි.
ඕන් ඕක අහලා අපෙන් ඇප් බාන එක නම් නවත්තන්න එපා හොඳේ.අපි දෙන්නෙ ඔරිජිනල්ම බඩු☻☺

යාලුවනේ comment එකක් දාලම යන්න හොඳේ !
EmoticonEmoticon